දුලිප් සමරවීර ට වසර 20ක තහනමක්

දුලිප් සමරවීර ට වසර 20ක තහනමක්

September 19, 2024   02:01 pm

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ට වසර විස්සක තහනමක් පැනවීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය කටයුතු කර තිබේ.

ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයේ චර්යා ධර්ම සංග්‍රහය උල්ලංඝනය කළ බවට ඔහුට චෝදනා එල්ලවී තිබේ.

ඒ අනුව ඔහුට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයේ, ප්‍රාන්ත හෝ වෙනත් ක්‍රිකට් සංගමයක හෝ බිග් බෑෂ් කණ්ඩායම් වල කිසිදු තනතුරක් දැරීමට ඔහුට තහනම් ය.
 
එරට ක්‍රිකට් බලධාරීන් සිදුකළ පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්ත ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවෙක් ලෙස සේවය කරන විට ඔහු "නුසුදුසු හැසිරීමක්"  සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි.

පසුව එම චෝදනා සඳහා ඔහු වැරදිකරු බව සනාථ විය.