ව්‍යාපාරිකයාව ඝාතනය කළ සැකකරු අල්ලයි

ව්‍යාපාරිකයාව ඝාතනය කළ සැකකරු අල්ලයි

September 19, 2024   02:26 pm

ව්‍යාපාරික සම්පත් ගමගේ නමැත්තාව මුගුරකින් පහරදී ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (19) දින කලවාන වැද්දාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අතුරුගිරිය පොලීසිය පවසන්නේ පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට සැක කෙරෙන බවය.

අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නොතිබූ අවස්ථාවක අතුරුගිරිය පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සූක්ෂම ලෙස විමර්ශන සිදුකර මෙම සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැඩිගමුව වැලිපිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ව්‍යාපාරිකයෙකි.

ව්‍යාපාරික සම්පත් ගමගේ මහතා පදිංචිව සිටි හෝමාගම පනාගොඩ සමගි මාවතේ නිවසේදී මෙම ඝාතනය සිදුකර තිබුණි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.