රුසියානු හමුදාවට බඳවා ගත් ඉන්දියානුවන් නිදහස් කෙරේ
සයුරෙන් එතෙර

රුසියානු හමුදාවට බඳවා ගත් ඉන්දියානුවන් නිදහස් කෙරේ

September 13, 2024   01:43 pm

රුසියානු හමුදාවට බඳවාගත් ඉන්දීය ජාතිකයන් නිදහස් කරගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉකුත්දා සිදුවූ අගමැති නරේන්ද්‍ර මෝදිගේ රුසියානු සංචාරයෙන් පසු ඉන්දීය ජාතිකයන් 35 දෙනෙකු නිදහස් කර ඇති බවද එම අමාත්‍යංශය පෙන්වා දී තිබේ.

ඒ අනුව මේ වනවිට නිදහස් වූ මුළු ඉන්දියානුවන් සංඛ්‍යාව 45 දක්වා ඉහළ ගොස් ඇති බවද පැවසෙයි.

සෙසු පිරිස ද හැකි ඉක්මනින් නිදහස් කරගැනීමට ඉන්දීය රජය උපරිම උත්සාහයක් දරන බව එම වාර්තා පෙන්වා දෙයි.