චීනයේ සේවකයින්ගේ විශ්‍රාමික වයස සංශෝධනයට
සයුරෙන් එතෙර

චීනයේ සේවකයින්ගේ විශ්‍රාමික වයස සංශෝධනයට

September 13, 2024   06:25 pm

සේවකයින්ගේ විශ්‍රාම වයස ක්‍රමානුකූලව ඉහළ දැමීමට චීනය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් එවැනි තීරණයක් ගෙන ඇත්තේ 1950ට පසුව පළමු වරට ය.

ඊට ප්‍රධාන හේතු ලෙස සඳහන් කරන්නේ වයසක ජනගහනය වර්ධනය වීම සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා සිදුවන වැය ඉහළ යාමයි.

ඒ අනුව කම්කරු වෘත්තීන් හි යෙදෙන කාන්තාවන් ගේ විශ්‍රාම වයස අවුරුදු 50 සිට 55 දක්වාත් උසස් රැකියාවල යෙදෙන කාන්තාවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 55 සිට 58 දක්වා වැඩිකර තිබේ.

පිරිමින්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 සිට 63 දක්වා වැඩිකර තිබුණි.

මෙම සැලසුම 2025 ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.