ණය බරින් පීඩිත මාලදිවයිනට චීනය දුන් විසඳුම
සයුරෙන් එතෙර

ණය බරින් පීඩිත මාලදිවයිනට චීනය දුන් විසඳුම

September 14, 2024   04:29 pm

දැනටමත් ණය බරින් පීඩාවට පත්වී සිටින මාලදිවයිනට වැඩි මූල්‍ය ආධාර ලබාදීමට ඉඩ සලසන නව ගිවිසුමකට චීනය සහ මාලදිවයින අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

චීනය පවසන්නේ මේ හරහා වෙළඳාම සහ ආයෝජන ශක්තිමත් කිරීමට ද උපකාරී වනු ඇති බවය.

දෙරටේම දේශීය මුදල්වලින් ජංගම ගිණුම් ගනුදෙනු සහ සෘජු ආයෝජන සිදුකළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීම හරහා රටවල් අතර ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා වැඩි කිරීමට මෙම අවබෝධතා ගිවිසුම මගපාදන බව පැවසෙයි.

කෙසේවෙතත් ගිවිසුම සම්බන්ධයෙන් චීනය වැඩිදුර තොරතුරු කිසිවක් හෙළි කර නොමැත.

දැවැන්ත ණය බරින් සිටින මාලදිවයින ණය පැහැර හැරීම වළක්වා ගැනීමේ උත්සහයක නිරතවෙමින් සිටී.

චීනයට අමතරව, දේශීය මුදල් ගනුදෙනුවලට ඉඩදීම සඳහා ඉන්දියාව සමඟ ද ගිවිසුමකට පැමිණීමට මාලදිවයින් රජය කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි.