‍රුසියාවෙන් යුක්‍රේනයට ඩෝන ප්‍රහාරයක්
සයුරෙන් එතෙර

‍රුසියාවෙන් යුක්‍රේනයට ඩෝන ප්‍රහාරයක්

September 14, 2024   06:04 pm

රුසියාව විසින් යුක්‍රේනය වෙත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

යුක්‍රේන ගුවන් හමුදාව පවසා ඇත්තේ යුක්‍රේනයේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ 12කට එල්ල වු එම ඩ්‍රෝන ප්‍රහාර 76න් 72ක් බිම හෙළීමට කටයුතු කළ බවයි.

ප්‍රහාර වලින් සිදුවු හානිය පිළිබදව මෙතෙක් වාර්තා වී නොමැත.

ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියාවෙන් එල්ල විය හැකි මෙවැනි ප්‍රහාරවලට මුහුණ දීම සදහා ගුවන් ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පවතින බවය. 

විදෙස් මාධ්‍ය මේ අතර වාර්තා කර ඇත්තේ යුක්‍රේන ජනාධිපතිවරයා මෙම මස අවසානයේදී අමෙරිකාවේ සංචාරයක ද නිරතවීමට තීරණය කර ඇති බවයි.