නීල් බ්‍රෑන්ඩ්ගෙන් සුපිරි ශතකයක්

නීල් බ්‍රෑන්ඩ්ගෙන් සුපිරි ශතකයක්

September 16, 2024   11:01 am

සංචාරක ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු 'ඒ' කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සිව් දින නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනටත් අද (16) පැවැත්වෙයි.

ඊයේ දිනයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකානු 'ඒ' කණ්ඩායම කඩුළු 7 ක් දැවී ලකුණු 316 ක් ලබා තිබුණි.

දකුණු අප්‍රිකානු ඉනිම වෙනුවෙන් නීල් බ්‍රෑන්ඩ් නොදැවී ලකුණු 122ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ සොනාල් දිනූෂ කඩුළු 3 ක් සහ එෂාන් මාලිංග කඩුළු 2 ක් බිඳ හෙළීමට සමත් වූහ.

දෙරට අතර පැවති පළමු සිව්දින නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම ජය හිමි කර ගත්තේය.