අමෙරිකානු ඔත්තු යානයක් චීනය කලඹයි
සයුරෙන් එතෙර

අමෙරිකානු ඔත්තු යානයක් චීනය කලඹයි

September 18, 2024   05:30 pm

අමෙරිකානු නාවික හමුදාවට අයත් ඔත්තු බැලීමේ ගුවන් යානයක් තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා පියාසර කිරීම චීනයේ විවේචනයට හේතුවී තිබේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් චීනය පවසා ඇත්තේ අමෙරිකාව අත්තනෝමතික ලෙස කටයුතු කරන බවය.

ඒ අනුව චීනය විසින් අමෙරිකානු ගුවන් යානය හඹා යෑමට සහ නිරීක්ෂණය කිරීමට චීන ප්‍රහාරක ජෙට් යානා පිටත් කර තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.