උණුසුම් පුවත්

බස් රථයක් පාලමක ගැටී අනතුරක්

කොළඹ -  කතරගම ප්‍රධාන මාර්ගයේ තංගල්ල මාරකොල්ලිය 200/2, පාලම උඩ අද (30) අළුයම  4.00ට පමණ සිදුවු බස් රථ අනතුරකින් 07 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර  ඇත.

(0)Comments | August 30, 2024  10:22 am

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන ප්‍රකාශයට පත්කෙරේ

ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

(0)Comments | August 30, 2024  9:24 am

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 50ට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 30, 2024  6:33 am

තවත් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

මතුගම පොලීසියට අනුයුක්තව රාජකාරි කරන සැරයන්වරයෙකු මුදල් අල්ලසක් ලබාගැනීමට යාමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | August 29, 2024  10:34 pm

ත්‍රිවිධ හමුදා ආහාර සලාක දීමනාවේ වෙනසක්

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ ආහාර වෙනුවෙන් මෙතෙක් ලබා දුන් ආහාර සලාක ක්‍රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට අදහස් කර තිබෙන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

(0)Comments | August 29, 2024  10:20 pm

ශානි අබේසේකරට ඇති තර්ජන   

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට පවතින තර්ජනවල ස්වභාවය පිළිබඳව අතිශය රහසිගත වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇතැයි නීතිපතිවරයා අද (29) දැනුම් දුනි. 

(0)Comments | August 29, 2024  10:01 pm

ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවන්ගේ පාපෝච්චාරණය

සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සඳහා පැමිණි දෙවැනි වෙඩික්කරු හා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයේ රියදුරුව පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග කරුණු රැසක් මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.

(0)Comments | August 29, 2024  8:42 pm

රණවිරුවන් රැකගන්න ජාතික සංවිධාන 65ක් දිලිත් සමග ගිවිසුමකට

සත්‍ය සෙවීමේ කොමිසම් පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ මෙහෙයුම පරාජය කිරීම සඳහා වන එකඟතා ලියවිල්ලකට සර්වජන බලය සහ ජාතික සංවිධාන 65ක නියෝජිතයින් අද (29) අත්සන් තැබීය. 

(0)Comments | August 29, 2024  8:27 pm

ඩුබායි සිට ගෙන ආ ගීත්මාල් බෙනෝයි ගැන පොලීසියෙන් නිවේදනයක් 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඩුබායි සිට අද (29) මෙරටට රැගෙන ආ ගීත්මාල් බෙනෝයි සම්බන්ධයෙන් පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | August 29, 2024  6:57 pm

ජපන් සමාගමක් නඩු මගට

මෙරට පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් පිරිසකට එරෙහිව ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ලකට අදාළව විත්තිකරුවන්ට සිතාසි නිකුත් කරන්නේද? නැද්ද? යන නියෝගය සැප්තැම්බර් මස 26 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය.

(0)Comments | August 29, 2024  6:37 pm

කෙහෙළිය ඇතුළු 4ක් යළිත් රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් සැප්තැම්බර් 11 වනදා තෙක් අද (29) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

(0)Comments | August 29, 2024  6:03 pm

ක්ලබ් වසන්ත ඝාතන පරීක්ෂණ ගැන පොලීසියෙන් හෙළිදරව්වක් 

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 17 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

(0)Comments | August 29, 2024  5:26 pm

ටෙලිග්‍රෑම් CEO කාන්තා ගැටයකට හසුවුණාද?

ලොව ප්‍රකට පණිවුඩ හුවමාරු සමාජ මාධ්‍යක් වන ටෙලිග්‍රෑම් මෙවලමෙහි නිර්මාතෘ මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන පවෙල් දුරෝව් ට එරෙහිව මේ වනවිට ප්‍රංශ බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

(0)Comments | August 29, 2024  4:33 pm

ෂැනන් ගේබ්‍රියෙල් ජාත්‍යන්තර පිටියට සමුදෙයි

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ෂැනන් ගේබ්‍රියෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

(0)Comments | August 29, 2024  4:07 pm

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අස්ගිරි සහ මල්වතු මහානාහිමිවරුන්ට පිළිගන්වයි

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) අස්ගිරි සහ මල්වතු මහානාහිමිවරුන් වෙත පිළිගැන්වීය.

(0)Comments | August 29, 2024  3:33 pm

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ආරම්භ වෙයි.

(0)Comments | August 29, 2024  3:02 pm

පොලීසියේ තිදෙනෙක් අත්අඩංගුවට

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලීසියේ රාජකාරියේ නියුතු කොස්තාපල්වරුන් තිදෙනෙකි.

(0)Comments | August 29, 2024  2:57 pm

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක්

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබේ.

(0)Comments | August 29, 2024  2:03 pm

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

ජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිෂන් සභාව වෙත තවත් පැමිණිලි 118ක් ලැබී තිබේ. 

(0)Comments | August 29, 2024  1:54 pm

ලිංගික අපයෝජන චෝදනා එල්ල වූ විදුහල්පති රිමාන්ඩ්

කතරගම ගෝතමීගම කනිෂ්ට විද්‍යාලයේ සිසුන් පිරිසක් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ චෝදනා එල්ලවී සිටින එම පාසලේ විදුහල්පතිවරයා ලබන සැප්තැම්බර් 04 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

(0)Comments | August 29, 2024  1:50 pm

ක්ලබ් වසන්තගේ ඝාතකයින්ට උදව්කළ හිටපු පළාත් සභා මන්ත්‍රී

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (29) උදෑසන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

(0)Comments | August 29, 2024  12:49 pm

ජගත් කුමාරගේ සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තමන් තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.

(0)Comments | August 29, 2024  11:58 am

උතුරේ හයිබ්‍රිඩ් විදුලිබල ව්‍යාපෘති සඳහා ඉන්දියාවෙන් මුදල් 

ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලයිතිව් දූපත්වල ඉන්දීය මුදල් ආධාර යටතේ හයිබ්‍රිඩ් විදුලිබල ව්‍යාපෘති ඉදිකිරීමට නියමිත ය.

(0)Comments | August 29, 2024  10:54 am

ජනපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී එළිදැක්විණ. 

(0)Comments | August 29, 2024  9:47 am

වව්නියාවේ පාස්පෝට් කන්තෝරුව අසල උණුසුම් තත්ත්වයක්

ආගමන විගමන දෙපාර්තමේන්තු වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

(0)Comments | August 29, 2024  9:42 am