උණුසුම් පුවත්

මැතිවරණ දිනයේ මේවා කරන්න ගියොත් අත්අඩංගුවට පත්වෙන්න පුළුවන්

එවැනි රැස්වීම් ආරක්ෂක අංශ විසින් විසුරුවා හැරීමට හෝ ඒවාට සම්බන්ධවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙන බවද හෙතෙම පැවසීය.

(0)Comments | September 19, 2024  8:15 pm

නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක් 

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වනවිට නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 255ක් ලබා සිටියේය.

(0)Comments | September 19, 2024  6:05 pm

ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත්කරන්නේ මෙහෙමයි  

නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7ට පමණ ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ගණන්කිරීම් කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.

(0)Comments | September 19, 2024  5:41 pm

ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි

ජනාධිපතිවරණය ස්වාධීන හා නිදහස් මැතිවරණක් ලෙස පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැලසීම පිළිබඳව ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වී අද (19) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

(0)Comments | September 19, 2024  5:10 pm

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට එළැඹෙයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා එකඟතාවකට එළැඹී තිබේ.

එමඟින් එම ණය ප්‍රමාණයේ වර්තමාන අගයෙන් 40.3%ක සහනයක් හිමිවීම විශේෂත්වයකි. 

(0)Comments | September 19, 2024  4:48 pm

කොට්ඨාස මට්ටමින් ඇති මැතිවරණ ප්‍රචාරක කාර්යාල ගැන තීරණයක්

අද (19) මධ්‍යම රාත්‍රියෙන් පසු ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලුම මැතිවරණ ප්‍රචාරක කාර්යාල ඉවත්කර ගත යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.

(0)Comments | September 19, 2024  4:22 pm

ලෙබනනය බියෙන් සලිත වෙයි

දින දෙකක් තුළ ලෙබනනයෙන් වාර්තා වූ පේජර් සහ වෝකි ටෝකි යන්ත්‍ර පිපිරීමෙන් මියගිය ගණන 32ක් දක්වා ඉහළගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | September 19, 2024  4:09 pm

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට මිනිසුන් යොමු කිරීම් වැඩි වෙයි

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මෙරට පුරවැසියන් යොමු කිරීම්වල වැඩිවීමක් පිළිබඳව අනාවරණය වී ඇත.

(0)Comments | September 19, 2024  3:41 pm

ඡන්දය දැමීමේදී අනන්‍යතාව තහවුරු කිරීමට භාවිත කළ හැකි දේ

ඡන්ද දායකයෙක් සිය ඡන්දය භාවිත කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කළ යුතුය. 

(0)Comments | September 19, 2024  2:31 pm

ව්‍යාපාරිකයාව ඝාතනය කළ සැකකරු අල්ලයි

ව්‍යාපාරික සම්පත් ගමගේ නමැත්තාව මුගුරකින් පහරදී ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (19) දින කලවාන වැද්දාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | September 19, 2024  2:26 pm

දුලිප් සමරවීර ට වසර 20ක තහනමක්

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ට වසර විස්සක තහනමක් පැනවීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය කටයුතු කර තිබේ.

(0)Comments | September 19, 2024  2:01 pm

තවමත් ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබුණේ නැද්ද?

මෙවර ජනාධිපතිවරණයට අදාළව මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයින්ට මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සිය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් ලබාගැනීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.

(0)Comments | September 19, 2024  1:52 pm

ඊශ්‍රායලයට එරෙහිව එජා මහ මණ්ඩලයේ දී සම්මත වූ යෝජනාව

ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ප්‍රදේශ නීතිවිරෝධිව ආක්‍රමණය කිරීම මාස 12ක් ඇතුළත් අවසන් කළයුතු බවට වන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ දී සම්මත වී තිබේ.

(0)Comments | September 19, 2024  1:32 pm

කැමතිම කෙනාට ඡන්දෙ දාන්නේ මෙහෙමයි

මෙවර ජනාධිපතිවරණයේ දී තමන්ට කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ මනාප සලකුණු කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

(0)Comments | September 19, 2024  1:31 pm

විදෙස් සිසුන් සම්බන්ධයෙන් කැනේඩියානු රජය දැඩි තීරණයක

අධ්‍යාපන ආයතන සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම තවදුරටත් අවම කිරීමට කැනේඩියානු රජය තීරණය කර තිබේ.

(0)Comments | September 19, 2024  1:04 pm

රස්නායකපුර වෙඩිතැබීම ගැන තවත් තොරතුරු

කුරුණෑගල, රස්නායකපුර, නම්මුවාව ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් මිය ගිය පුද්ගලයා ගැන තවත් තොරතුරු හෙළිදරව් වී තිබේ. 

(0)Comments | September 19, 2024  12:59 pm

මතභේදයට තුඩු දුන් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර ගැටලුව ගැන විශේෂ තීරණයක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | September 19, 2024  12:17 pm

රමිත් රඹුක්වැල්ලට අයත් නිවාස දෙකක් පරිහරණය තහනම් කරමින් අධිකරණ නියෝගයක්

හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද (19) නියෝගයක් නිකුත් කර තිබේ.

(0)Comments | September 19, 2024  11:37 am

ඡන්ද දායකයින් ගෙන් පොලීසිය කළ ඉල්ලීම

ඡන්ද දායකයින් සිය ඡන්ද භාවිතා කිරීමට ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණෙන අවස්ථාවේදී රැගෙන නොයා යුතු දේවල් පිළිබඳව පොලීසිය විසින් දැනුම්වත් කිරීමක් සිදුකර තිබේ.

(0)Comments | September 19, 2024  11:30 am

රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට ලැබෙන නිවාඩුව

2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියේ, ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බවයි.

(0)Comments | September 19, 2024  11:16 am

කුරුණෑගලත් වෙඩි පත්තුවෙයි

කුරුණෑගල රස්නායකපුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ.

(0)Comments | September 19, 2024  10:41 am

මාරක අනතුරු කිහිපයක්

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කුඩා දැරියක්, කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ජීවිත්කෂයට පත්ව තිබේ.

(0)Comments | September 19, 2024  10:33 am

ජීවිතයක් බිලිගත් ආරවුල

ගොඩකවෙල ගල්පල්යාය ප්‍රදේශයේ දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ගොඩකවෙල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

(0)Comments | September 19, 2024  10:27 am

පාසල් නිවාඩු දිනයක් ගැන දැනුම්දීමක්

සැප්තැම්බර් 20 වන සිකුරාදා දින දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කෙරෙයි.

(0)Comments | September 19, 2024  10:13 am

මැතිවරණ රාජකාරී සඳහා බස් 1,358ක් සුදානම්

මෙවර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ රාජකාරී කටයුතු සඳහා බස් රථ 1,358ක් ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

(0)Comments | September 19, 2024  9:23 am