උණුසුම් පුවත්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තව සති දෙකකින්

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

(0)Comments | September 10, 2024  11:55 am

සජිත් ලොකු රහසක් හෙළිකරයි

අනුර - රනිල් රහස් ගනුදෙනුව ජනාධිපතිවරයාගේ කටින්ම එළියට ආ බවත් සඳහන් කර සිටි සජිත් ප්‍රේමදාස මහතා, තමා පරාජය වන බැවින් අනුර කුමාරට ඡන්දය දෙන ලෙස ජනාධිපතිවරයා පවසා ඇති බවත් සඳහන් කළේය.

(0)Comments | September 10, 2024  11:40 am

අධිවේගයේ ගිනි ගත් කැබ් රිය

ඉංජිනේරුවන් දෙදෙනෙකු ගමන් ගත් කැබ් රථයක් අද (10) පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 0 දශම 5 කොට්ටාව ප්‍රදේශයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වුණි.

(0)Comments | September 10, 2024  11:12 am

මිල්කෝ කිරිපිටි මිල පහළට

අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ.

(0)Comments | September 10, 2024  10:37 am

ත්‍රිරෝද රථයක තිබී බිළිඳු මළ සිරුරක් හමුවෙයි

ගාල් කර තිබු ත්‍රිරෝද රථයක පිටුපස පොහොර උරය දමා තිබු බිළිඳු සිරුරක් හමු ව තිබේ.

(0)Comments | September 10, 2024  10:33 am

අලුත්ම iPhone මාදිලිය වෙළෙඳපොළට

ලෝකය පුරා පසුගිය දිනවල කතාබහට ලක්වූ iPhone 16 නව ස්මාට් ජංගම දුරකථන පෙළ ඊයේ (09) වෙළෙඳපොළට නිකුත් කළේය.

(0)Comments | September 10, 2024  10:08 am

ලැබුණු අවස්ථාවෙන් යන තැන තීරණය කරන්න -දිලිත්

ජනාධිපතිවරණ අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ කිසිවක් ප්‍රායෝගික නොවන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 10, 2024  9:16 am

අනුර එපා කියූ රනිල්ගේ මිතුදම

රටේ පවතින ආර්ථික ස්ථාවරභාවය අඛණ්ඩව පවත්වාගෙන නොගියහොත් යළිත් අර්බුදයකට මුහුණදීමට සිදුවන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 10, 2024  8:51 am

අතීතය මතක් කළ නාමල්

තමන් සැමවිටම ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | September 10, 2024  8:50 am

අනුර ඇත්තම හේතුව හෙළිකරයි

ජනතාවට සැබෑ ලෙසම සහාය දක්වන ආණ්ඩුවක් ජාතික ජන බලවේගය විසින් පිහිටුවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක, අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 10, 2024  8:30 am

ඔයාට බැරි ද ? සජිත් රනිල්ගෙන් අහයි

මෙරට වත්මන් ජනතාව දේශපාලන ගණුදෙනුවලට නොරැවටෙන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 10, 2024  8:17 am

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් වාර්තාවට යුරෝපා සංගමයේ සහාය

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිගන්නා බව යුරෝපා සංගමය පවසයි.

(0)Comments | September 10, 2024  8:03 am

ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රි සිට තහනම්

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව සියලු උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම හෙට (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 10, 2024  7:37 am

රාජ්‍ය සේවකයින්ට අලුත් චක්‍රලේඛයක්

රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.

(0)Comments | September 10, 2024  7:21 am

වාහනවල අලවා ඇති ඡන්ද ස්ටිකර් ගලවන්නැයි කොමිසමෙන් නියෝග

ජනාධිපති අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයෙන් වාහනවල අලවා ඇති සියලු ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

(0)Comments | September 10, 2024  7:13 am

ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (10) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 10, 2024  5:58 am

උතුර දකුණ මාරු වෙලා මේ ඔක්කොම එකයි - දිලිත්

සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ජය තහවුරු කරන 'දිලිත් ගමට'  ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් අද (09) ඇහැළියගොඩදී පැවැත්වුණි.

(0)Comments | September 9, 2024  10:09 pm

අනුරගෙන් රනිල්ට විවාදයකට ඇරයුමක්

රනිල් වික්‍රමසිංහ තමාගෙන් ප්‍රශ්න කළ සියලු කරුණු සඳහා පිළිතුරු ලබාදීමට තමන් සූදානම් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 9, 2024  10:01 pm

ආර්ථික ප්‍රතිපත්තිය රටට පැහැදිළි කරන්නැයි රනිල් අනුරට කියයි

අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් රටට සිදු කළ යුතු බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

(0)Comments | September 9, 2024  9:53 pm

ජනතා බදු මුදලින් මම වතුර උගුරක්වත් ගන්නේ නැහැ - සජිත්

තමන් ජනපති ධුරයට පත්වූ පසු කිසිදු වේතනයක් ලබා නොගනිමින් ස්වේච්ඡා සේවයක් ඉටුකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 9, 2024  9:38 pm

පාස්පෝට් පෝලිම පිටුපස ඇති මාෆියාව ඇමති හෙළි කරයි

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පසුගිය දිනවල පැවති දිගු පෝලිම් පසුපස මාෆියාවක් ක්‍රියාත්මකවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

(0)Comments | September 9, 2024  7:34 pm

ළමුන් 16,000කට උග්‍ර මන්ද පෝෂණය

ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

(0)Comments | September 9, 2024  7:16 pm

දිවයිනේ සියලු පාසල්වලට නිවාඩුවක්

එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් 20 වැනි දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

(0)Comments | September 9, 2024  6:32 pm

ගීතා සජිත්ගේ වේදිකාවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඇය අද (9) මහනුවර පැවැති සමගි ජන බලවේගයේ ජන රැලිය සඳහා එක්ව සහයෝගය පළ කළාය.

(0)Comments | September 9, 2024  5:02 pm

සැකකරුවන් සිව්දෙනෙක් ගැන පොලීසියෙන් දැනුම්දීමක්

පසුගිය මැයි මස 20 වනදා කළුතර දකුණ දුම්රිය පොළ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතා තිබේ.

(0)Comments | September 9, 2024  4:58 pm