උණුසුම් පුවත්

ඇල්පිටියට නාමයෝජනා භාරගැනීම අද සිට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම අද (09) සිට ආරම්භ වෙයි.

(0)Comments | September 9, 2024  10:49 am

මැතිවරණ කොමිසමෙන් අපේක්ෂකයින්ට සහ නියෝජිතයින්ට කැඳවීමක්

මෙවර ජනාධිපතිවරණයට තරගකරන අපේක්ෂකයින් හා ඔවුන්ගේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

(0)Comments | September 9, 2024  10:31 am

දිලිත් ජනතාවට දුන් ප්‍රතිඥාව

ජනතාවට කිසිවිටෙකත් පසුතැවීමට ලක්නොවන දේශපාලනයක තමා නිරත වන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 9, 2024  10:19 am

රුපියල් බිලියන 15ක මත්ද්‍රව්‍ය නාවික හමුදාව භාරයට

වසරේ ගත වූ මාස කිහිපය තුළ සිදුකළ වැටලීම්වලදී මුහුදු මාර්ගය ඔස්සේ රැගෙන ආ රුපියල් මිලියන 15,000කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

(0)Comments | September 9, 2024  9:06 am

ඉදිරි දින කිහිපයේ වර්ෂාවේ වැඩිවීමක්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (09) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 9, 2024  6:59 am

සරම් වාටියෙන් බන්ධනාගාරයට ගිය මත්කුඩු

කළුතර බන්ධනාගාරයට මත්කුඩු රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | September 8, 2024  9:49 pm

පානදුර මුහුදේ දිය නාමින් සිටි තරුණයෙකු අතුරුදන් 

පානදුර මුහුදේ දිය නාමින් සිටි තරුණයෙකු රළ පහරට හසුව අතුරුදන්ව ඇති බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.

(0)Comments | September 8, 2024  9:00 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි එංගලන්තයේ දී විරෝධයක්

ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද (08) විරෝධතාවක් පැවැත්විය.

(0)Comments | September 8, 2024  8:13 pm

පාලිත ට 5 වැනි ස්ථානය

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන පැරාලිම්පික් උලෙළේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි යගුලිය විසි කිරීම ඉසව්වට පාලිත බණ්ඩාර සහභාගී විය.

(0)Comments | September 8, 2024  6:28 pm

ගෙයින් ගෙට යා හැකි පිරිස් ගණන ගැන දැනුම්දීමක්

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා නිවෙස් වෙත යාමට හැකියාව ඇත්තේ පුද්ගලයින් පස්දෙනෙකුට පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මහතා පවසයි.

(0)Comments | September 8, 2024  5:25 pm

තලතාගේ සහාය රනිල්ට

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරාල මහත්මිය එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

(0)Comments | September 8, 2024  4:29 pm

ජනපතිගේ ජන රැලියට ජීව උණ්ඩයක් ගෙන ආ අයෙකු අත්අඩංගුවට

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජන රැළියකට පැමිණි පුද්ගලයෙකු සතුව තිබී ජීව උණ්ඩයක් සොයා ගැනීමට ජනාධිපති ආරක්ෂක අංශය සමත්ව තිබේ. 

(0)Comments | September 8, 2024  4:08 pm

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

ජනාධිපතිවරණයට අදාළ ව තවත් පැමිණිලි 209ක් වාර්තා වූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

(0)Comments | September 8, 2024  3:28 pm

විවාදය මගහැරි අයට ජනතාව ආමන්ත්‍රණය කරන්න අයිතියක් නෑ - දිලිත්

ජනාධිපති ධුර අපේක්ෂකයන්ගේ ඊයේ (07) පැවති විවාදයට සහභාගී නොවූ අයට තවදුරටත් ජනතාව ආමන්ත්‍රණය කිරීමේ අයිතියක් නොමැති බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 8, 2024  3:11 pm

තැපැල් ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළ විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

තැපැල් ඡන්දය සලකුණු කළ පත්‍රිකාවක් ඡායාරූප ගත කිරීමේ චෝදනාවකට මුලතිව් ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුලතිව් අධ්‍යාපන කාර්යාලයේ සහතික කිරීමේ නිලධාරියා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.

(0)Comments | September 8, 2024  1:31 pm

සර්වජන බලය හලාවත ජනරැලිය ඇරඹෙයි

සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ගේ ජනරැලියක් හලාවත නගරයේදී මේ වනවිට පැවැත්වෙයි.

(0)Comments | September 8, 2024  12:44 pm

ඡන්ද පත්‍රිකා බෙදූ තැපැල්කරුවෙකුට පහරදීමක්

ඡන්ද පත්‍රිකා බෙදමින් සිටි කළුතර දකුණ තැපැල් කාර්යාලයේ තැපැල්කරුට පහරදුන් පුද්ගලයෙකු කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

(0)Comments | September 8, 2024  11:50 am

සිමෙන්ති සෙස් බද්ද පහළට

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ද අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.

(0)Comments | September 8, 2024  10:56 am

පවුල් ආරවුල ඝාතනයකින් කෙළවර වෙයි

සැමියා සමග ඇතිවූ ආරවුලක් අතරතුර බිරිඳ විසින් යකඩ පොල්ලකින් පහරදී සැමියා ඝාතනය කර තිබේ.

(0)Comments | September 8, 2024  10:30 am

මහ බැංකුවෙන් අපනයනකරුවන්ට සුබ ආරංචියක්

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබේ.

(0)Comments | September 8, 2024  10:08 am

පවුලක අවම ආදායම රු 100,000ක් කරන දිලිත් ගේ සැලසුම

සර්වජන බලය සංවිධානය කළ ජන හමුවක් නුවරඑළියේදී ඊයේ (07) පැවැත්වූ අතර සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා විඩියෝ තාක්ෂණය ඔස්සේ ඊට එක්වුණි.

(0)Comments | September 8, 2024  9:26 am

ඉන්දීය ජාතිකයාගේ රත්‍රන් ජාවාරම කටුනායක දී මාට්ටු

රුපියල් කෝටි තුනක පමණ වටිනාකමකින් යුත් රන් බිස්කට් තම කලිසම් සාක්කුවේ සඟවාගෙන කටුනායක ගුවන්තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ රැඳී සිටි ඉන්දීය ජාතිකයෙකු ඊයේ (7) පස්වරුවේ ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

(0)Comments | September 8, 2024  9:12 am

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය අද 

අද (08) දිනය 2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා අද පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වාම එම කටයුතු සිදු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

(0)Comments | September 8, 2024  7:45 am

බිරිඳව ඝාතනය කළ සැමියා සියදිවි නසාගනී

සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර ඔහුද ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබේ.

(0)Comments | September 8, 2024  6:55 am

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 8, 2024  6:01 am