උණුසුම් පුවත්

පෑලියගොඩ ඝාතනයක්

පෑලියගොඩ, නාරම්මිණිය ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ සිටි පුද්ගලයෙකුට පොල්ලකින් හා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

(0)Comments | August 20, 2024  7:51 am

රටම බලාසිටි ගැසට්ටුව එළියට - උපරිමය රු 109යි

‍ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

(0)Comments | August 20, 2024  7:46 am

මහනුවර ඇසළ පෙරහැරේ දියකෑපීමේ මංගල්‍ය ඇරඹෙයි

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (19) රාත්‍රි වීදී සංචාරය කෙරුණි.

(0)Comments | August 20, 2024  7:29 am

ඉම්රාන් ඛාන්ගේ මීළඟ සැලසුම එළියට

පාකිස්තානයේ හිටපු අග්‍රමාත්‍ය සිරගතව සිටින ඉම්රාන් ඛාන් ලොව වඩාත් කීර්තිමත් විශ්වවිද්‍යාලයක් ලෙසින් සැලකෙන බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මීළඟ කුලපතිවරයා වීම සඳහා අයදුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | August 20, 2024  7:19 am

ටෙස්ට් පිටියට කලකට පසු එන පොට්ස්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මේ මස 21වැනිදා ආරම්භ වන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩාකරන එංගලන්ත සංචිතය ඊයේ (19) පස්වරුවේ නිවේදනය කළේය.

(0)Comments | August 20, 2024  7:09 am

ගෑස් සිලින්ඩරය ඡන්ද ලකුණ කරගත් හේතුව ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

නිසි ආර්ථික පරිවර්තනකින් තොරව ‍රජයේ වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | August 20, 2024  7:03 am

පුද්ගලයෙක් ඇතුගලින් ඇදවැටෙයි

කුරුණෑගල, ඇතුගලෙන් බිමට ඇද වැටී පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

(0)Comments | August 20, 2024  6:56 am

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු තද වැසි

බස්නාහිර, සබරගමුව සහ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද (20) දිනයේ මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 20, 2024  6:08 am

ඉතාලි මුහුදේ සුඛෝපභෝගී යාත්‍රාවක් පෙරළෙයි

ඉතාලියේ, සිසිලි දූපත් ආශ්‍රිත මුහුදේ සුඛෝපභෝගී යාත්‍රාවත් පෙරළීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු අතුරුදන්ව තිබේ.

(0)Comments | August 19, 2024  9:16 pm

ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකු එක් ඡන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල සඳහන් කරමින් අද (19) රාත්‍රියේදී ගැසට් නිවේදනයක් නිකුත්කරන බව මැතිවරණ කොමිසම පවසයි.

(0)Comments | August 19, 2024  8:21 pm

තාත්තා නවත්වපු තැනින් ඉදිරියට අරන් යනවා -නාමල්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට සිදුකරගෙන යාම තම වගකීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | August 19, 2024  7:27 pm

තවත් පැනිල්ලක් ගැන මනූෂගෙන් හෙළිදරව්වක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනෙකු දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර ඇති අතර තවත් 5 දෙනකු ඉදිරි දින කිහිපයේ ජනපති සමඟ එක්වන බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

(0)Comments | August 19, 2024  7:22 pm

සජිත්ගේ ONE STOP SHOP සංකල්පය

සිය පාලනයක් තුළ ජනාධිපති ලේකම් කාර්යාලය ආයෝජකයින්ට කඩිනම් අනුමැතිය ලබාදීම සඳහා වන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

(0)Comments | August 19, 2024  7:06 pm

මැතිවරණයෙන් 50% ගන්නා බවට අනුර විශ්වාසයෙන්

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට නිසැක වශයෙන්ම 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකි අතර එය ඇතැම්විට සියයට හැට හැත්තෑව දක්වා වුවත් ඉහළ යා හැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | August 19, 2024  6:58 pm

තරුණයෙකුට මරු කැඳවූ බිහිසුණු අනතුර -CCTV

අද (19) දහවල් කඳාන පොලිස් වසමේ වැලිගම්පිටිය හංදියේ දී යතුරුපැදියකින් පැමිණි තරුණයින් තිදෙනෙකු ටිපර් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

(0)Comments | August 19, 2024  6:07 pm

දිනක් තුළ මැතිවරණ පැමිණිලි 65ක්

ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 65ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

(0)Comments | August 19, 2024  5:35 pm

ගුවන්තොටේ සැප බස් සේවාව දින 4න් නවතී

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ආරම්භකළ සුඛෝපභෝගී බස් සේවාව අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවතා දමා ඇත.

(0)Comments | August 19, 2024  5:13 pm

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ තීරණය

එළැඹෙන ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයාට සහාය දක්වන්නේ ද යන්න ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමෙන් අනතුරුව තීරණය කරන බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK)පවසයි.

(0)Comments | August 19, 2024  4:38 pm

පොහොට්ටුවෙන් ඉවත්වුණු මැතිඇමැතිවරුගෙන් නව බලවේගයක් 

එළැඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හා දේශපාලන පක්ෂ එක්ව ඉදිරියේදී නව දේශපාලන බලවේගයක් බිහි කිරීමට සාකච්ඡා පවත්වමින් සිටින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

(0)Comments | August 19, 2024  4:02 pm

ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ සහාය දිලිත්ට

එළැඹෙන ජනාධිපතිවරණයේදී සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මහතාට සහාය ලබාදෙමින් සර්වජන බලය හා එක්වීමට ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂය තීරණය කර තිබේ.

(0)Comments | August 19, 2024  3:32 pm

අමෙරිකානු නෞකාවක් හදිසියේ කොළඹ වරායට

අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ.

(0)Comments | August 19, 2024  2:58 pm

ඡන්ද දායකයෙකුට වැය කළ හැකි උපරිම මුදල කීය ද?

ජනාධිපතිවරණයේදී ජන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි මුදල සඳහන් ගැසට් පත්‍රය අද (19) ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

(0)Comments | August 19, 2024  2:46 pm

පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියෝ අපවත් වෙති

රංගිරි - දඹුළු රජමහා විහාරයේ, භාරකාර පූජ්‍ය අඹගස්වැව රාහුල හිමියන් අපවත් වී තිබේ.

(0)Comments | August 19, 2024  1:57 pm

මහ මුහුදේ ගැටුණු චීන - පිලිපීන නෞකා

දකුණු මුහුදු චීන සාගර කලාපය මුල්කරගෙන චීනය කලක පටන් කලාපීය රටවල් සමඟ මතගැටුමකට එළැඹ සිටී.

(0)Comments | August 19, 2024  1:39 pm

ලොරි රථයක් දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

කොස්ගොඩ පොලිස් වසමේ, මහ ඉඳුරුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයක අද (19) දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

(0)Comments | August 19, 2024  1:18 pm