උණුසුම් පුවත්

මාරක රිය අනතුරක්

තිහගොඩ පොලිස් වසමේ හක්මන - මාතර ප්‍රධාන මාර්ගයේ පුහුල්වැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

(0)Comments | August 19, 2024  7:12 am

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදු වූ නිකිණි පුර පසලොස්වක පෝය දිනය අදට (19) යෙදී තිබේ.

(0)Comments | August 19, 2024  6:43 am

ප්‍රදේශ රැසකට තද වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු  සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 19, 2024  6:14 am

දිලිත් ජයවීර උපායමාර්ගික සැලැස්ම පැහැදිලි කරයි

ජනතාව බලාපොරොත්තු වන වෙනස සිදුකිරීමට සෙසු ජනාධිපතිධුර අපේක්ෂකයින් සතුව නැති උපාය මාර්ගික සැලැස්ම තමන් සතු බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | August 18, 2024  10:26 pm

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අනපේක්ෂිත පරාජයක්

හර්ෂිතා සමරවික්‍රම ඉවසිලිවන්තව ගොඩනැගූ ශතකයේ වටිනාකම අපතේ යැවූ පසුපෙළ ක්‍රීඩිකාවන් ගේ දුර්වල ක්‍රීඩා විලාශය නිසා අයර්ලන්ත කාන්තා කණ්ඩායම හමුවේ දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 15ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට අද (18) සිදුවිය.

(0)Comments | August 18, 2024  10:22 pm

හර්ෂිතාගෙන් ගෞරවාන්විත ශතකයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී ශතකයක් රැස්කළ තෙවැනි ක්‍රීඩිකාවට බවට පත්වීමට හර්ෂිතා සමරවික්‍රම සමත් වූවාය.

(0)Comments | August 18, 2024  10:07 pm

අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට ගේනවා - අනුර කුමාර

තමන් ජනපති වූ පසු මහ බැංකු වංචාවට අධිකරණයෙන් රතු වරේන්තු නිකුත් කර සිටින අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට රැගෙන එන බව ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | August 18, 2024  9:24 pm

විධායක ජනපති ධුරය අහෝසි කරනවා - සජිත්

තමා ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ධුරය අනිවාර්යෙන්ම අහෝසි කරන බව සමගි ජන බලවේග ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

(0)Comments | August 18, 2024  7:43 pm

ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක් 

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව බෙල්ෆාස්හිදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 05ක් දැවී ලකුණු 255ක් රැස්කිරීමට සමත් විය.

(0)Comments | August 18, 2024  6:38 pm

අකුරේගොඩ ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

බත්තරමුල්ල, අකුරේගොඩ, අරුප්පිටිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී අද (18) උදැසන පුද්ගලයෙකු ඝාතනය කර තිබුණේ මුදල් ආරවුලක් මත බව පොලීසිය පවසයි.

(0)Comments | August 18, 2024  6:29 pm

පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිකරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්

පාස්කු ප්‍රහාරය ගැන ජනතාව අපේක්ෂා කරන සත්‍ය අනාවරණය කිරීමට තමා ඇතුළු සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ සියලු‍දෙනා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

(0)Comments | August 18, 2024  5:56 pm

බෙලරුසියාව දේශසීමාවට හමුදාව කැඳවයි

බෙලරුසියාව සහ යුක්‍රේනය සිය දේශසීමාවේ හමුදා ශක්තිය වැඩි කිරීමට කටයුතු කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

(0)Comments | August 18, 2024  5:37 pm

ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනපති රනිල්ට

එළැඹෙන ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට එම පක්ෂයේ ජාතික සභාව අද (18) තීරණය කළේය.

(0)Comments | August 18, 2024  5:22 pm

ප්‍රදේශ රැසකට තද වැසි

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කර තිබේ.

(0)Comments | August 18, 2024  5:11 pm

අනියම් පෙම දරු පවුලක් විනාශ කරයි

සිය බිරිඳගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ඇයව ඝාතනය කිරීම සම්බන්ධයෙන් වෙන්නප්පුව ප්‍රදේශයේ කුලී නිවසට රැඳී සිටි පුද්ගලයෙකුව අද (18) අත්අඩංගුවටය ගත් බව පොලීසිය පවසයි.

(0)Comments | August 18, 2024  5:05 pm

සුපිරි ප්‍රංශ නළුවා ජීවිතක්ෂයට පත්වෙයි 

කලක් ප්‍රංශ සිනමාවේ කඩවසම්ම නළුවා ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ඇලන් ඩෙලෝන් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

(0)Comments | August 18, 2024  4:26 pm

තණමල්විල දැරියට බලපෑම් කළ අධිකරණ වෛද්‍යවරයා අත්අඩංගුවට 

තණමල්විල දැරිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළව වෛද්‍ය පරීක්ෂණය සිදුකළ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා එම දැරියට සාපරාධි බලහත්කාරයපෑමේ චෝදනාව මත ළමාරක්ෂණ අධිකාරිය විසින් ඊයේ (17) සවස අත්අඩංගුවට ගනු ලැබීය.

(0)Comments | August 18, 2024  4:00 pm

ජනපති සටනට ආ වලව්කාරයෝ 

එළැඹෙන ජනාධිපතිවරණයට නාමයෝජනා 39 දෙනෙකු ලබා දුන්නද, අපේක්ෂකයන් සිටින්නේ එක් අයෙකු පමණක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

(0)Comments | August 18, 2024  3:02 pm

විදේශ ආධාර ලබාගෙන රට ගොඩදානවා - සජිත්

තම පාලනයක් යටතේ විදේශ රටවල ආධාර ලබාගෙන රට ගොඩගන්නා වැඩසටහන දියත් කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | August 18, 2024  2:24 pm

ජයග්‍රහණයෙන් පසු අනුරගෙන් ජනතාවට ලැබෙන සහන ලැයිස්තුව

සිය ජයග්‍රහණයෙන් පසු ආහාර, සෞඛ්‍ය සේවා සහ පාසල් උපකරණවලට පනවා ඇති VAT බද්ද ඉවත් කිරීමට පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | August 18, 2024  1:55 pm

ගාසා තීරයෙන් පෝලියෝ රෝගියෙක්

ඊශ්‍රායල සහ හමාස් යුද ගැටුම්වලට මැදිව සිටින ගාසා තීරයෙන් වසර 25කට පසුව පෝලියෝ රෝගියෙකු හමුවී තිබේ.

(0)Comments | August 18, 2024  1:52 pm

ගෝලීය දකුණේ හඬ සමුළුවට ජනපති එක්වෙයි

බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන බැවින් බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ වැදගත්කම දිනෙන් දින ඉහළයමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | August 18, 2024  1:30 pm

වැඩිම වර්ෂාපතනය කෑගල්ල ට

දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් ප්‍රදේශ රැසකට තවමත් වැසි ඇදහැලෙමින් පවතී.

(0)Comments | August 18, 2024  1:19 pm

ඉන්දීය වෛද්‍යවරු මිලියනයක් වර්ජනයක 

ඉන්දීය වෛද්‍යවරියක් රාජකාරිය අතරතුර රෝහල තුළදීම දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් මුල්කරගෙන ඉන්දීය වෛද්‍යවරු ජාතික වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

(0)Comments | August 18, 2024  1:06 pm

ජැක්සන් ඇන්තනීගේ බිරිඳ සජබයට එක්වෙයි

අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි සඳලතා මුණසිංහ මහත්මිය 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්වූවාය.

(0)Comments | August 18, 2024  12:45 pm