උණුසුම් පුවත්

ජර්මනියේ දේශපාලන පෙරළියක් ?

ජර්මනියේ ප්‍රාන්ත මැතිවරණයකදී අන්ත දක්ෂිනාංශික "Alternative for Germany (AfD)" පක්ෂය ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරමින් පවතින බව එරට මාධ්‍ය සඳහන් කරයි.

(0)Comments | September 2, 2024  10:49 am

නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකියි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය මේ වන විට ආරම්භ වී තිබේ.

එය නම්කර ඇත්තේ 'නාමල් දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශය නමිනි.

(0)Comments | September 2, 2024  10:31 am

බංග්ලාදේශයේ ගංවතුරින් ලක්ෂ 6ක් අවතැන්

බංග්ලාදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 59 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

(0)Comments | September 2, 2024  10:18 am

මැතිවරණ වියදම් විස්තරය ගැන අනාවරණයක්

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණයේදී අනාවරණය වුවහොත් ඔහුගේ ධුරය අහිමිවෙනවා මෙන්ම අපේක්ෂකයාගේ ප්‍රජා අයිතියද වසර තුනක් සඳහා අහෝසි වන බව මැතිවරණ කොමිසම පවසයි.

(0)Comments | September 2, 2024  10:01 am

ළමුන් තිදෙනෙකුගේ දිවි බේරාගත් මෙහෙයුම

ගල්කිස්ස වෙරළ තීරයේ දී දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි ළමුන් තිදෙනෙකුගේ දිවි බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ.

(0)Comments | September 2, 2024  9:08 am

මාරක අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

යක්කල ගම්පහ මාර්ගයේ යක්කල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | September 2, 2024  8:21 am

තවත් ඝාතකයෙක් කොටුවෙයි

නාන්නේරිය පයිරික්කුලම ප්‍රදේශයේ දී සිදුකළ ඝාතනයකට සම්බන්ධ සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

(0)Comments | September 2, 2024  8:12 am

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට

මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.

(0)Comments | September 2, 2024  6:57 am

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | September 2, 2024  6:12 am

පක්ෂ නායකයා ට නොදන්වා ගත් ITAK තීරණය

ඉදිරි ජනාධිපතිවරණයෙ දී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි මධ්‍යම කාරක සභාව ගත් තීරණය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

(0)Comments | September 1, 2024  10:00 pm

ලෝඩ්ස් පිටියේදී වසර 33කට පසු ශ්‍රී ලංකාවට පරාජයක්

එංගලන්ත කණ්ඩායම හමුවේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 190ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (01) සිදුවිය.

(0)Comments | September 1, 2024  9:45 pm

ලංකාවට ගෙන ඒමට සූදානම් කර තිබූ මත්ද්‍රව්‍ය තොගය

ඉන්දියාවේ සිට මෙරටට ගෙන ඒමට සූදානම් කර තිබූ කිලෝග්‍රෑම් 10කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් 6 දෙනෙකු චෙන්නායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | September 1, 2024  8:21 pm

බස් ගාස්තුව අඩු කරයිද ?

ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බස් ගාස්තු අඩු කරන්නේද නැත්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය තීරණය හෙට (02) දිනයේ දී ප්‍රකාශයට පත්කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසයි.

(0)Comments | September 1, 2024  7:59 pm

විදෙස්ගත වීමට ආ විශ්‍රාමික ගුවන් හමුදා සෙබළිගේ අත් බෑගයේ ජීව උණ්ඩයක්

ඩුබායි බලා පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියකගේ අත්බෑගය තුළ තිබී ටී - 56 උණ්ඩයක් සොයාගැනීමට ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් විය.

(0)Comments | September 1, 2024  6:51 pm

රුසියාවේ මර්මස්ථාන රැසකට යුක්‍රේනයෙන් ප්‍රහාර

යුක්‍රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් රුසියාවේ විදුලි බලාගාර දෙකක ගිනි ගෙන ඇතැයි වාර්තා වෙයි.

(0)Comments | September 1, 2024  6:25 pm

කොස්ගොඩ වෙරළ තීරයේ නාඳුනන මළ සිරුරක්

කොස්ගොඩ වෙරළ තීරයේ තිබී හිස කඳින් වෙන් වූ පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

(0)Comments | September 1, 2024  5:52 pm

ඉලංගෙයි තමිල් අරසු කච්චි සහාය සජිත්ට

ඉලංගෙයි තමිල් අරසු කච්චි එළබෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීරණය කර තිබේ.

(0)Comments | September 1, 2024  4:22 pm

දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා A කණ්ඩායමට විශිෂ්ට ජයක් 

ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය ආරම්භ කරමින් පැවති පළමු නිල-නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 93ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

(0)Comments | September 1, 2024  4:03 pm

දිනෙන් දින ඉහළ යන මැතිවරණ පැමිණිලි

ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 153ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබේ.

(0)Comments | September 1, 2024  3:49 pm

ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

බටහිර, මධ්‍යම බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික යාත්‍රා සඳහා සැලකිලිමත්වන ලෙස දන්වා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

(0)Comments | September 1, 2024  3:26 pm

එකට කා බී මිතුරා ව ඝාතනය කරයි

කුලියාපිටිය රත්මලේවත්ත ප්‍රදේශයේ ඊයේ (31) රාත්‍රියේදී නිවසක් තුළ පුද්ගලයෙකු ව තියුණු ආයුධයකින් පහරදී  ඝාතනය කර තිබේ.

(0)Comments | September 1, 2024  2:42 pm

මූන් ෆිෂ් ගේ මරණය නිසා යුක්‍රේන ගුවන් හමුදාපතිව ගෙදර යවයි

යුක්‍රේන ජනාධ්පති වොලොඩිමීර් සෙලෙන්ස්කි විසින් එරට ගුවන් හමුදාපති මිකෝලා ඔලේෂ්චුක් ව සේවයෙන් ඉවත්කර තිබේ.

(0)Comments | September 1, 2024  2:14 pm

සැමියාගේ වෙඩි ප්‍රහාරයෙන් බිරිඳ මරුට

බදුල්ල හිදගොඩ ප්‍රදේශයේදී ඊයේ (31) සවස සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

(0)Comments | September 1, 2024  1:58 pm

බස් ගාස්තු ගැන සංගම් ගත් තීරණය

ඉන්ධන මිල අඩු කළද මෙවර බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව බස් වෘත්තිය සංගම් පවසයි.

(0)Comments | September 1, 2024  1:33 pm

2025 නිවාඩු දවස් මෙන්න

2025 වර්ෂය සඳහා රජයේ සහ බැංකු නිවාඩු දිනයන් සඳහන් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

(0)Comments | September 1, 2024  1:33 pm