උණුසුම් පුවත්

මිලාද් උන් නබි උත්සවය අදයි

ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට (16) යෙදී තිබේ.

දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ගුණ සිහිකරමින් උත්සවාකාරයෙන් අද එය සමරනු ලබයි.

(0)Comments | September 16, 2024  8:20 am

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනයට විශේෂ මධ්‍යස්ථානයක්

අන්තරායකර ඖෂධ වලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පුනරුත්ථාපන කාර්යංශය පියවර ගෙන තිබේ.

(0)Comments | September 16, 2024  7:32 am

බඩෝවිට දී වෙඩි කෑ පුද්ගලයා මරුට

ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකළ පුද්ගලයා මියගොස් තිබේ.

(0)Comments | September 16, 2024  6:46 am

පාර්ලිමේන්තුවේ 150කට වැඩි පිරිසක් ගෙදර යවනවා - අනුර

සිය ජයග්‍රහණයෙන් පසු මාස එකහමාරක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවත් එහිදී වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ 150කට වැඩි පිරිසකට ඉවත්වීමට සිදුවන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 15, 2024  10:31 pm

අපිට නිසි සැලැස්මක් හා වැඩපිළිවෙළක් තියෙනවා - නාමල්

තමා ජනපතිවරණ සටනට ඉදිරිපත්ව සිටින්නේ සැලැස්මක් අතැතිව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | September 15, 2024  10:24 pm

බලය බෙදන හැටි සජිත් යාපනයේදී කියයි

එක රටක් තුළ උපරිම බලය බෙදීම සිය ප්‍රතිපත්තිය බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 15, 2024  10:15 pm

මේ විප්ලවයට මට අවුරුදු 5ක් දෙන්න - රනිල්

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ''පුළුවන් ශ්‍රී ලංකා'' සංකල්පය බලගැන්වීමේ අරමුණින් සංවිධාන කළ තවත් ජන රැලියක් මහනුවර දී අද (15) පැවැත්වුණි.

(0)Comments | September 15, 2024  9:57 pm

ගල්කිස්ස බඩෝවිට වෙඩිතැබීමක් 

ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් එක් අයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

(0)Comments | September 15, 2024  9:19 pm

රටට අවශ්‍ය වන්නේ මුදල් සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශයක් - දිලිත්

ව්‍යවසායකත්ව මනසකින් යුතු ශ්‍රී ලාංකිකයින් බිහිකිරීමට සහ ඔවුන් ඉදිරියට ගෙන යාමට මුදල් සහ ව්‍යවසායකත්ව අමාත්‍යාශයක් බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 15, 2024  9:01 pm

ශිෂ්‍යත්ව ප්‍රතිඵලය දින 40කින්

අද (15) පැවැත්වූ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලය දින 40කින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

(0)Comments | September 15, 2024  7:04 pm

මැතිවරණ පැමිණිලි තවත් ඉහළ ට

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ ගතවූ පැය 24 තුළ පැමිණිලි 184ක් වාර්තා වූ බවය.

(0)Comments | September 15, 2024  6:40 pm

ජනාධිපතිවරණය ආසන්න වෙද්දී අමෙරිකාව නිකුත් කළ නිවේදනය

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියි. 

(0)Comments | September 15, 2024  6:20 pm

ජනපති අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට මුදල් බෙදූ අයෙකු අත්අඩංගුවට

ජනාධිපති අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මුදල් බෙදාදීමේ නිරත වූ පුද්ගලයෙකු මුතූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(0)Comments | September 15, 2024  5:17 pm

කිලෝමීටර් 2000ක ඈතක සිට ඊශ්‍රායලය ට මිසයිල ප්‍රහාර

මධ්‍යම ඊශ්‍රායලය ට බැලස්ටික් මිසයිලයක් එල්ල කිරීමට ඉරානයේ සහාය ලබන හූති සටන්කරුවන් සමත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේය.

(0)Comments | September 15, 2024  5:15 pm

'යාගී' හේතුවෙන් මියන්මාරයේ මියගිය ගණන ඉහළ ට

'යාගි' සුළි කුණාටුවේ බලපෑමෙන් මියන්මාරයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 74 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

(0)Comments | September 15, 2024  4:47 pm

අපේක්ෂකයෙකු තවත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කළොත් වෙන දේ

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම නීතිවිරෝධී බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

(0)Comments | September 15, 2024  4:13 pm

අගමැති මෝදිගේ සුරතල් දීප්ජෝති

නවදිල්ලි නුවර පිහිටි ඉන්දීය අගමැති මෝදිගේ ලෝක් කල්යාන් මාග් නිල නිවසේ උපත ලැබූ වසු පැටවා සමග අගමැති මෝදි කාලය ගතකරන අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

(0)Comments | September 15, 2024  3:59 pm

ආර්ථිකයට කාන්තා දායකත්වය වැඩිපුර ලබාගැනීම මගේ ඉලක්කයයි - දිලිත්

මෙරට දළ ජාතික නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සම්බන්ධ නොවන කාන්තාවන් ඊට සම්බන්ධ කරගැනීම සිය අභිප්‍රාය බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 15, 2024  1:28 pm

ශ්‍රී ලංකා ආර්ථික වර්ධනයේ වෙනසක්

2024 වර්ෂයේ දෙවන කාර්තු‌වේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.7ක වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 

මෙම වර්ෂයේ දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කළේය.

(0)Comments | September 15, 2024  1:03 pm

කෝටි දෙකක දුම්වැටි තොගයක් කටුනායකදී අල්ලයි

රුපියල් කෝටි දෙකක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි නැවත පිරවීම සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ.

(0)Comments | September 15, 2024  12:02 pm

ඔබේ දරුවාගේ හෙට දවස ගොඩනගන වගකීම භාරගන්නවා - නාමල්

ඔබේ දරුවාගේ හෙට දවස ගොඩනගන්න අවශ්‍ය පැහැදිළි වැඩපිළිවෙළක් තමන් සතුව තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

(0)Comments | September 15, 2024  11:36 am

ව්‍යාජ කරුණු සමාජගත කරන අය පෙරහරේ අධිකරණයට ගේනවා - අනුර

ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයට බියෙන් ව්‍යාජ කරුණු සමාජගත කරන පිරිස්වලට තම රජයක් යටතේ අධිකරණය අභියස පිළිතුරුදීමට සිදුවනු ඇති බව ජාතික ජනබල වේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | September 15, 2024  11:21 am

නිදහස් සෞඛ්‍යයේ ස්වර්ණමය යුගය 21න් පසු බිහිකරනවා - සජිත්

මෙරට නිදහස් සෞඛයේ ස්වර්ණමය යුගය 21 වනදායින් පසු බිහිකරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

(0)Comments | September 15, 2024  10:38 am

ලබන වසරේදී ජීවන බර තවත් සැහැල්ලු කරනවා - රනිල්

ලබන වසරේදී ජීවන බර සැහැල්ලු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

(0)Comments | September 15, 2024  10:25 am

හොර තක්කඩි දේශපාලනය කතිරයෙන් අවසන් කරන්න - දිලිත්

තමන් ඉදිරිපත් කර ඇත්තේ පොරොන්දු පත්‍රිකාවක් නොව මහපොළොවේ යථාර්ථයක් කළ හැකි උපාය මාර්ගික වැඩපිළිවෙළක් බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

(0)Comments | September 15, 2024  8:36 am