උණුසුම් පුවත්

බහරේනයට ඇතුළු වන විදෙස් ශ්‍රමිකයන්ට ජාත්‍යන්තර බැංකු ගිණුම් විවෘත කරයි

බහරේනයේ රැකියා සඳහා, එරට ගුවන්තොටුපොළෙන් ඇතුළු වන සියලුම විදෙස් ශ්‍රමිකයින්ට ජාත්‍යන්තර බැංකු ගිණුමක් (IBAN- International Bank Account Number)ලබාදීමට බහරේනයේ කම්කරු වෙළෙඳපොළ නියාමන අධිකාරිය (LMRA)පියවර ගෙන තිබේ.

(0)Comments | August 27, 2024  5:27 pm

හෙට සිට කාලගුණයේ වෙනසක්

අගෝස්තු මස 28 වනදා සිට සැප්තැම්බර් 06 දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට හිරු සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 27, 2024  5:12 pm

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බ්‍රහස්පතින්දා 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය බ්‍රහස්පතින්දා (29) එළිදක්වන බව වාර්තා වෙයි.

(0)Comments | August 27, 2024  4:10 pm

මහනුවර නගරයෙන් ක්ෂය රෝගීන් 50ක් හමුවෙයි

මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා මහනුවර නගරයෙන් ක්ෂය රෝගීන් 50ක් හඳුනාගත් බව මහනුවර ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා පවසයි. 

(0)Comments | August 27, 2024  4:05 pm

ජනපතිගේ IMF අභියෝගයට සජබයෙන් ප්‍රතිචාර

ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඕනෑම ආකාරයේ සාකච්ඡාවකට සමගි ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

(0)Comments | August 27, 2024  4:00 pm

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ගැන විශේෂ දැනුම්දීමක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව 2024.08.26 දින සිට 2024.09.13 දින මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතය.

(0)Comments | August 27, 2024  3:37 pm

ආදිවාසී ජනතාව වෙනුවෙන් නව නීති

ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවට කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවී තිබේ.

(0)Comments | August 27, 2024  3:02 pm

කායික දුබලතා ඇති අයට මැතිවරණ කොමිසමෙන් විශේෂ පහසුකමක්

කායික දුබලතාවෙන් යුතු තැනැත්තන් විසින් විශේෂ ප්‍රවාහන පහසුකම් සඳහා ඉල්ලුම් කළ හැකි ක්‍රමවේදය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව ඡන්දදායකයින්ව දැනුම්වත් කර තිබේ.

(0)Comments | August 27, 2024  1:44 pm

සර්වජන අපේක්ෂක දිලිත්ගෙන් සෞඛ්‍ය කේෂ්ත්‍රයට සුබ පණිවුඩයක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (27) සර්වජන ජනාධිපති අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මුණ ගැසුණි.

(0)Comments | August 27, 2024  1:08 pm

මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්

දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදුවුවහොත් පසුගිය වසර දෙකේදී අප අත්විඳි අන්දමේ ආර්ථික සහ සමාජීය අර්බුදයක් නැවත ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

(0)Comments | August 27, 2024  12:58 pm

කච්චතිව් මුහුදේ බෝට්ටු අනතුරක්

කච්චතිව් මුහුදු ප්‍රදේශයේ ඉන්දීය ධීවර බෝට්ටුවක් අනතුරකට ලක්වීමෙන් ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.

(0)Comments | August 27, 2024  12:51 pm

ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීමට සහායකයෙකු ලබා ගන්නේ කෙසේද ?

පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වකට පත්වූ හෝ යම් ශාරීරික ආබාධයකට (අශක්නුතාවය) පත්වූ ඡන්ද දායකයෙකුට ඡන්දපොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයෙකු කැටුව යා හැකි වන පරිදි නීති ප්‍රතිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

(0)Comments | August 27, 2024  12:22 pm

කූඨ ලේඛනයක් ඉදිරිපත් කළැයි ඩයනාට අධිචෝදනා භාරදෙයි

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ මෙම චෝදනා භාරදීම සිදුව ඇත.

(0)Comments | August 27, 2024  11:30 am

ෆවුසිට අත්හිටවූ සිරදඬුවම් සහ දඩ

හිටපු අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි මහතාට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (27) නියෝග කළේය.

(0)Comments | August 27, 2024  11:00 am

අධිකරණයට අපහාස කළ නීතිඥවරියට රට ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක්

මෙම නීතිඥවරියට අදාළ පැමිණිල්ල ඊයේ එස්. තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

(0)Comments | August 27, 2024  9:48 am

රියර් අද්මිරාල් කාංචන බානගොඩ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ ව පත්කර තිබේ.

(0)Comments | August 27, 2024  9:27 am

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලීසියට බරපතළ චෝදනාවක්

පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් කෲර වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි.

(0)Comments | August 27, 2024  9:19 am

අසත්‍ය පුවතක් ගැන සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පවසයි.

(0)Comments | August 27, 2024  9:17 am

පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සැප්තැම්බර් පළමු සතියේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන මස පළමු සතිය තුළ එළිදැක්වීමට නියමිතව තිබේ.

(0)Comments | August 27, 2024  8:08 am

සාරවත් රටේ හෙණේ තමා මේ පාලකයෝ - අනුර

රට සෑම අතින්ම පොහොසත් රාජ්‍යයක් බවට පත්කිරීම ජාතික ජනබලවේගයේ අරමුණ බව එහි ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

(0)Comments | August 27, 2024  7:55 am

සජබයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා එළිදකී

සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා (29) දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබේ.

(0)Comments | August 27, 2024  7:40 am

පොහොට්ටුවෙන් ගැලවී රනිල් සොයා ආ අලුත්ම නඩේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පළාත් පාලන නියෝජිතයින් රැසක් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට එක්ව තිබේ.

(0)Comments | August 27, 2024  7:27 am

රජයේ වී මිලදී ගැනීමේ කටයුතු අද සිට - පොහොර සහනාධාරයත් ඉහළට

වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

(0)Comments | August 27, 2024  7:01 am

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

(0)Comments | August 27, 2024  6:12 am

රිස්වාන්ට පන්දුවෙන් දමාගැසූ ශකීබ්ට වැඩ වරදියි

බංග්ලාදේශය හා පාකිස්තානය අතර රාවල්පිණ්ඩිහිදී අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පාකිස්තානු දෙවැනි ඉනිමේ පන්දුවට පහරදෙමින් සිටි මොහොමඩ් රිස්වාන් දෙසට පන්දුව දමාගැසීම හේතුවෙන් බංග්ලාදේශ ක්‍රීඩක ශකීබ් අල් හසන්ට දඩ පැනවීමට අයි.සී.සී.ය පියවර ගෙන ඇත.

(0)Comments | August 26, 2024  10:09 pm